මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ අධිවේගී මාර්ගවල සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් සිවුදෙනෙකු මියගොස් තිබේ.
මෙම කාලය තුළ අනතුරු 994ක් සිදුව තිබෙන අතර, එම අනතුරුවලින් අනතුරු 907ක් දේපොළ හානි අනතුරු වේ.
පසුගිය වසර තුළ අනතුරු 1,340ක් වාර්තා වී තිබෙන අතර මියගිය ප්‍රමාණය හයකි.
2016 වසරේදී අනතුරු 1,189ක් සිදුව තිබෙන අතර, පුද්ගලයන් සිවුදෙනෙකු මියගොස් ඇත.
මේ වසර තුළ සාමාන්‍ය අනතුරු ලෙස අනතුරු 124ක් සිදුව තිබෙන අතර, පසුගිය වසර හා සැසඳීමේදී එම ප්‍රමාණය මසකට අනතුරු 112කි.