විනිමය අනුපාතය මත වන පීඩනය ලිහිල් කිරීම සඳහා හඳුන්වා දෙන ලද මෑතකාලීන ක්‍රියාමාර්ග හේතුවෙන්, විදේශීය අධ්‍යාපන, වෛද්‍ය සහ පවුල් ජීවන වියදම් ඇතුළුව ජංගම ගනුදෙනු සඳහා වන ප්‍රේෂණයන්/ගෙවීම් සීමා කිරීමක් සිදුනොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
දැනට පවත්නා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් විවේක හා නිවාඩු, ඥාතීන් හා මිතුරන් හමුවීමට, වන්දනා ගමන්, ව්‍යාපාරික අරමුණු, පුහුණුවීම්, සම්මන්ත්රණ හා සමුළු, වෛද්‍ය ප්‍රතිකාර, ක්‍රීඩා, විනෝදාත්මක හා සංස්කෘතික කටයුතු හෝ වෙනත් ඕනෑම කටයුත්තක් වෙනුවෙන් සහ ශිෂ්‍ය හෝ ඊට සමාන වීසා බලපත්‍ර මත විදේශ ගතවී සිටින තම පවුලේ සාමාජිකයන් වෙත එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මුදල් යැවීමට ශ්‍රී ලංකාවේ ජීවත් වන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් උනන්දු වන බව අවධානයට ලක්කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම පැහැදිලි කිරීම සිදුකරයි. ඒ අනුව,
1. අධ්‍යාපන හෝ වෛද්‍ය අරමුණු සඳහා පිටත්ව ගොස් ඇති පුද්ගලයන් වෙනුවෙන් විශ්ව විද්‍යාල/උපකාරක පන්ති/පුහුණු/පාඨමාලා ගාස්තු, ජීවන වියදම්, වෛද්‍ය ගාස්තු හෝ වෙනත් ඕනෑම අදාළ ගාස්තු ලෙස ශ්‍රී ලංකාවේ බලයලත් වෙළෙඳුන් (ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ අවසරලත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්) හරහා ඔවුන්ට සාමාන්‍යයෙන් අවශ්‍ය වන අදාළ ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මුදල් යැවීමට එම පුද්ගලයන්ගේ ශ්‍රී ලංකාවේ සිටින පවුලේ සාමාජිකයන්ට අවසර ලබාදී තිබේ.
2. එවැනි පුද්ගලයන්ට විදේශයන්හි රැඳී සිටින කාලය තුළ ස්වකීය පෞද්ගලික ස්වභාවයේ වන ගනුදෙනු සඳහා විදේශ මුදල්වලින් ගෙවීම් කිරීම හෝ මුදල් ආපසු ගැනීම/මුදල් අත්තිකාරම් ලබාගැනීම පිණිස, බලයලත් වෙළෙඳුන් විසින් නිකුත් කරනලද ඔවුන්ගේ ණය, හර (ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර) සහ විදේශ සංචාරක කාඩ්පත් භාවිත කළ හැකිය.
3. දැනටමත් දැනුම්දී ඇති පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංචාරණ අරමුණු සඳහා නිකුත් කළ හැකි විදේශ මුදල් නෝට්ටුවල උපරිම සීමාව අඩු කිරීම, ප්‍රාග්ධන ගනුදෙනු සඳහා වන ප්රතිමුඛ ප්රෙෂණයන්හි සීමාකිරීම් වැනි විනිමය අනුපාතය මත වන පීඩනය ලිහිල් කිරීම සඳහා හඳුන්වා දෙන ලද මෑතකාලීන ක්‍රියාමාර්ග හේතුවෙන්, ඉහත දක්වා ඇති විදේශීය අධ්‍යාපන, වෛද්‍ය සහ පවුල් ජීවන වියදම් ඇතුළුව ජංගම ගනුදෙනු සඳහා වන ප්‍රේෂණයන්/ගෙවීම් සීමා කිරීමක් සිදුනොවේ.
ඒ අනුව මෙම අසීරු අවස්ථාවේදී ඉහත සඳහසන් කළ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් අවශ්‍ය අමතර මූල්‍ය උපකාර සැපයීම සඳහා බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කරයි. නමුත් මෙම අවස්ථාවන් වගකීමෙන් යුතුව ප්‍රයෝජනයට ගන්නා ලෙස අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිමු.