ගුරු, විදුහල්පති, ගුරු උපදේශකයන්, ගුරු අධ්‍යාපනඥයින් හා අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන් සඳහා අධ්‍යාපනය සංවෘත සේවාවක් බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.
වෘත්තීමය සේවා ගැටලු කඩිනමින් විසඳීම, සේවා ඇගයීම් විධිමත්ව හා පාරදෘශ්‍යතාවයකින් ඉටු කිරීම, වෘත්තීයභාවය ඉහළ නැංවීම, සේවා තෘප්තිමත්භාවය ඉහළ නැංවීම තුළින් යහපත් හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමට හැකිවන පරිදි මෙසේ සංවෘත සේවාවක් බවට පත්කිරීමට අවධානය යොමුව තිබේ.
මේ පිළිබඳව කරුණු අධ්‍යයනය කර යෝජනාවලික් සකස් කිරීම සඳහා අදාළ ක්ෂේත්රයේ විශේෂඥයින්ගෙන් හා විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත්කිරීමට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.