අධික විෂ සහිත පලිබෝධ නාශක භාවිතය තමත් ලංකාවේ සිදුවන බවත්, මෙම තත්ත්වය විසඳීමට කටයුතු නොකළොත් ඉදිරියටත් විශාල ප්‍රමාණයක් මියයාමේ අවදානමක් පවතින බව සියදිවි හානිකර ගැනීමේ කාර්ය සාධන බළකායේ සභාපති මහාචාර්ය සමුද්‍ර කත්‍රිආරච්චි මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ සියදිවි හානිකර ගැනීමේ අවම කිරීමේ වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවකට ඊයේ (04දා) කොළඹදී එක්වෙමින් මහාචාර්යවරිය මේ බව ප්‍රකශ කළාය.
දශක කිහිපයක සිටම වස විස පානය කිරීමෙන් මියයන පිරිසේ අඩුවක් දක්නට නොමැති බවත්, ශ්‍රී ලංකාව තුළ තවමත් ඒ ගැටලුව තිබෙන බවත් ඒ මහත්මිය සඳහන් කළාය.
මෙම ප්රශ්නය විසඳීමට මැදිහත් නොවුණහොත් ඉදිරියේදී විශාල තරුණ පිරිසක් රටට අහිමිවිය හැකි බවද මහාචාර්යවරිය පෙන්වා දුන්නාය.
සැප්තැම්බර් 10 වැනිදාට යෙදෙන ලෝක සියදිවි හානිකර ගැනීමේ වැළැක්වීමේ දිනයට සමගාමීව මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ මහාචාර්ය සමුද්‍ර කත්‍රිආරච්චි මහත්මිය,
"වගා සංග්රමය සමග පලිබෝධ නාශක විශාල ප්‍රමාණයක් ලංකාව තුළට පැමිණුනා. ඒ සමග පලිබෝධ නාශක භාවිතය පිළිබඳ නිසි දැනුවත්කමක් නොතිබුණ නිසා ඒවා වැරදි ආකාරයට භාවිත කළා. පලිබෝධ නාශක භාවිත කර සියදිවි හානිකර ගැනීම් මේ වනවිටත් අඩුවෙලා නැහැ. තවමත් ඒ ගැටලුව තිබෙනවා. එය විසඳුවේ නැතිනම් ඉතා විශාල ප්‍රමාණයක් මියයාවි.
විශාල ප්‍රශ්නයක් විදිහට දිගටම තිබෙනවා. ප්‍රශ්නයක් විසඳා ගැනීමට නොහැකියාව මත කවුරුන් වස විස පානය කරනවා නම් ඇතැම්විට ජීවත් වීමට අවශ්‍ය වුණත් ඒ අවස්ථාව අහිමි වෙනවා. අතුරුආබාධ වැඩිවෙනවා වේදනා විඳවීම් වැඩි වෙනවා. මේ නිසා විෂ වර්ග අවම කරගැනීමේ එවැනි දේ පානය කිරීමෙන් වෙන ජීවිත හානිය අවම කරගන්න පුළුවන්. තරුණ ජීවිත බේරාගැනීමේ හැකියාවක් තිබෙනවා වස විස අඩුකිරීම තුළින්.
මීට අමතර වස විස සම්බන්ධයෙන් තවත් බොහෝමක් තිබෙනවා. අපි වස විස කනවා. වස විස ජලයට එකතුවෙනවා. එවාවලින් වන හානියට අමතරව වස විස පානය කිරීමෙන් තවත් හානියක් වෙනවා.
තරුණ ජීවිත විශාල ප්‍රමාණයක් බේරාගන්න පුළුවන්. ඔවුන්ට ජීවිත නැවත සකසා ගන්නනනට උදවු කරන්න පුළුවන් නමුත් තදබල වස විස පානය කළොත් ඒ සියලු දේ නැති වෙනවා.
මේ සම්බන්ධයෙන් රජයේ අවධානටය යොමුවීම බොහෝම වැදගත් වෙනවා. රජයේ අනුග්‍රහය නැතිව මෙය නවත්වන්න බැහැ. මොකද ගොවියාවට විකල්පයක් නැතිව වස විස නවත්වන්න බැහැ. නමුත් කොහොම වුණත් ඒ සඳහා විශාල මැදිහත්වීමක් අවශ්‍යයි" යනුවෙන් පවසා සිටියාය.