දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිදු කළ ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.
පූගොඩ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළාය.
“එතුමිය (දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ) රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතේ සිටින නිලධාරීනියක්. ඒ සම්බන්ධයෙන් අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඉල්ලීමක් කරලා තියෙනවා මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදු කරලා අවශ්‍ය කටයුතු කරන්න කියලා නීතිපතිවරයාගෙන්.ඒක නීතිපති වරයා විසින් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදු කළ යුතුයි.
ඇමතිවරයාත් කවුද කියලා කියන්න ඕන.හෙළි කරන්න ඕන.එතුමිය හිතනවා නම් ඇමතිවරයෙක් සම්බන්ධයෙන් තමයි මෙක වුණේ කියලා එතුමිය අනිවාර්යයෙන්ම ඒ ඇමතිවරයා කවුද කියලා හෙලි කරන්න ඕන.
හැබැයි ඇමතිවරයෙක් සම්බන්ධ වුණත් නැතත් මේ වගේ වගකිව යුතු තනතුරක් දරන නිලධාරීනියකට ඔහොම කරන්න බැහැ”