මැතිවරණ පැවැත්වීම කල්දැමීම පිළිබඳ මැතිවරණ කොමිසමට ස්තූති කරන බවත්, අධිකරණයට ගිය අරමුණ ඉටු වී ජයග්‍රහණය කිරීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.
අද (03) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ මද්දුමබණ්ඩාර මහතා,
"ජනතාවගේ මරණ උඩින් ගිහින් හරි රාජපක්ෂලා රටේ බලය ගන්න හදන ආකාරය අපි දැන් දකිනවා. කෝවිඩ් වසංගතය මර්දනය කිරීමත්, දේශපාගන න්‍යාය පත්‍රයත් කියන මේ දෙකම එකටයි ක්‍රියාත්මක වුනේ. ඒ නිසා තමයි අපේ රටේ කෝවිඩ් ආසාධිතයින් 1600 ත් මේ වන විට ඉක්මවා ගිහින් තිබෙන්නේ
අපිට අවශ්‍ය වෙලා තිබෙන්නේ නිදහස් හා සාධාරණ ප්රජාතන්ත්රවාදී මහ මැතිවරණයක් පැවැත්වීමටයි. ආන්ඩුවට අවශ්‍ය වුනේ කලින්ම මහ මැතිවරණය පවත්ව ගන්නයි ඒත් දැන් ඊයෙත් කෝවිඩ් ආසාධිතයින් හතලිස් ගණනක් වාර්තා වී තිබෙනවා.
අපි ඒකයි කිව්වේ ජුනි 20 මහ මැතිවරණය පවත්වන්න එපා කියලා. අපි අධිකරණයට ගියේ ඒකයි. සෞඛ්‍ය අංශ වල නිර්දේශ මත තමයි මැතිවරණය පැවැත්විය යුත්තේ. අද ස්වාධීන මැතිවරණයක් පවත්වන්න, ජන ජීවිත අනතුරේ නොදමන මැතිවරණ ව්‍යාපාරයක් අපිට අවශ්‍යයි.
මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට දන්වලා තිබුනා පාර්ලිමේන්තුව කල් දානවිට මැයි මාසයේ වුණත් මහ මැතිවරණය පවත්වන්න පුළුවන් කියලා. නමුත් මේ මැතිවරණය කල් දැමීමට ක්‍රියා කිරීම ගැන අපි මැතිවරණ කොමිසමට ස්තුතිය පුද කරනවා.
ජුනි 20ත් මැතිවරණයක් පවත්වන්න සුදුසු නැති නිසායි අපි අධිකරණයට ගියේ ඒක අද ඉෂ්ඨ වෙලා තිබෙනවා. අපි ජයග්‍රහණය කරලා තිබෙනවා අපි ඉල්ලන්නේ ජනතාව ගැන සිතලා අනතුරුදායක තත්ත්වයක් නැති බවට සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ප්‍රකාශ කල පසුව මැතිවරණයක් පවත්වන්න කියලා.
එක්සත් ජාතික පක්ෂ යත් අනෙක් පක්ෂත් විවිධ අදහස් මැතිවරණය පැවැත්වීම ගැන කිව්වා නමුත් සමගි ජන බලවේගය ලෙස අපි කිව්වේ මැතිවරණවලට භය නෑ. මැතිවරණවලට යන්න අපි ඕනෑම වෙලාවක සූදානම් කියලායි. ඉක්මනින්ම පාර්ලිමේන්තුව කැඳවීම තමයි අපි අපේක්ෂා කරන්නේ. " යැයි ද සඳහන් කළේය.