අද (17) දිනයේ සවස 6.10 වන තුරුත් මෙරටින් කොරෝනා නව ආසාදිතයින් වාර්තා නොවු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
අද දිනය වන විට වෛරසය ආසාදිත 538 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.
එමෙන්ම මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 960 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට 413 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.