දුම්රිය වැඩ වර්ජනයක් සිදුවුවත් අද (26දා) සවස 04.30 න් පසු දුම්රිය හයක් ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව ගාල්ලට දුම්රියන් දෙකක්, අවිස්සාවේල්ලට, මහනුවරට, කුරුණෑගලට, හලාවතට දුම්රිය එක බැගින් ධාවනය කිරීමට කටයුතු කරන බවද වෙළෙඳ හා අලෙවි නියෝජ්‍ය කළමණාකරු එම්.ජේ. ඉදිපොල මහතා සඳහන් කළේය.
එහෙත් සියලුම තැපැල් දුම්රි ධාවනය කිරීමට නොහැකි වන බවද 'අද' පුවත්පත කළ විමසීමකදී පවසා සිටියේය.
මෙම දුම්රියන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.