කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (25දා) සිට 27දා දක්වා කාලය නිවාඩු දින ලෙස ප්රකාශයට පත්කර ඇති බව නිවේදනය කරයි.
කොළඹ, ගම්පහ සහ පුත්තලම් යන දිස්ත්රික්කවල පවතින පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව කොළඹ කොටස් වෙළෙඳ පොළ වැඩිදුරටත් පවසයි.
ඒ අනුව 2020 මාර්තු 25 සිට 27 දක්වා වෙළඳ පොළ වසා තැබෙනු ඇත.