අදින් ඇරඹෙන සතිය කාබනික නිෂ්පාදන සතිය ලෙස නම්කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
මෙහි සමාරම්භක උත්සවය රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
කාබනික පොහොර ප්‍රවර්ධන සතියේ සමාරම්භක උත්සවය මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
ගොවි මහතුන් දැනුවත් කිරීම මෙන්ම කාබනික පොහොර නිෂ්පාදනයට අදාළ අත් පොතක් හදුන්වාදීම ද මෙහිදී සිදුකෙරුණා.
වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සූම් තාක්ෂණය ඔස්සේ කාබනික වගා ප්‍රවර්ධන සතියට සුබපැතුම් එක්කළා.
මෙහිදී රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා කියාසිටියේ අවසන් කිරීමට නොහැකි බව ප්‍රකාශ කළ ත්‍රස්තවාදය අවසන්කළ නායකයෙකුට කාබනික පොහොර අභියෝගය ද ජයගත හැකි බවයි.