ගෝලීය කොරෝනා වෛරස් වසංගතයෙන් වැඩකරන ලෝකයට දැඩි ලෙස බලපෑම් සිදුව ඇති බව ලෝක කම්කරු දිනය යෙදී ඇති අද (මැයි 01දා) ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) පවසයි.
මෙම වෛරසය හමුවේ මහජන සෞඛ්‍යයට ඇති තර්ජනයට අමතරව, ආර්ථික හා සමාජීය කඩාකප්පල් කිරීම දිගුකාලීන ජීවනෝපායන් සහ මිලියන ගණනකගේ යහපැවැත්මට තර්ජනය කර ඇති බවද එම සංවිධානය සඳහන් කරයි.
වෛරසය පැතිරීමට එරෙහිව සටන් කිරීම, පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂාව සහ ව්‍යාපාර හා රැකියාවල තිරසාර බව සහතික කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ඊට සම්බන්ධ සියලු පාර්ශ්ව වන රජයන්, කම්කරුවන් සහ සේවායෝජකයන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරනු ඇති බව ඔවුන් වැඩිදුරටත් බලාපොරොත්තු වෙයි.