අද රාත්‍රී 8.00 සිට සඳුදා අලුයම 5.00 දක්වා දිවයින පුරාම ඇඳිරි නිතිය ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“අද රාත්‍රී සිට දින හතරක කාලයක් දිවයින පුරාම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ කාලය තුළ නිරෝධායන ඇඳිරි නීති අනුව කටයුතු කරන්න.
ඇඳිරි නීතිය කඩකළ 47500ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා 12500කට ආසන්න වාහන ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඇඳිරි නිතිය පවතින කාලය තුළ පොලිස් කණ්ඩායම් හා බුද්ධි නිලධාරීන් යොදවා තිබෙනවා නීතිය කඩ කරන අය අත්අඩංගුවට ගැනීමට.”