දිවයිනේ නිරිත දිග කොටසේ හා වයඹ පළාතේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද රාත්‍රියේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තරමක් තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවද ඔවුන් නිකුත් කල නිවේදනයේ දැක්වෙයි.
අද රාත්‍රී 09.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට රාත්‍රී 9.00 තෙක් වලංගු වෙයි.