අද දිනයේදීත් දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව විශේෂයෙන්ම සවස 2 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම නිවේදනයේ දැක්වෙයි.
මධ්‍යම, ඌව, සබරගමුව, උතුරු-මැද හා නැගෙනහිර පළාත්වලත් වව්නියාව දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.