එන්නත්කරණ වැඩපිළිවෙලද අද (27) දිනයේත් ක්‍රියාත්මකයි.
යුද හමුදාවේ මෙහෙයවීමෙන් ජංගම එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක අතර දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ කොරෝනා මර්දන එන්නත් ලබා දීම සිදුවනවා.
විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ එන්නත්කරණ වැඩපිළිවෙල අද දවස පුරා ක්‍රියාවට නංවන බවයි යුද හමුදාව සඳහන් කරන්නේ.
යුද හමුදා වෛද්‍ය බලකායේ කාර්ය මණ්ඩලය ද මේ සඳහා ස්වෙච්ඡාවෙන් එක්ව සිටිනවා.
යුද හමුදා පළමුවන වෛද්‍ය බලකායේ මෙහෙයවීමෙන් වේරහැර පැවැත්වෙන එන්නත්කරණ මධ්‍යස්ථානයේදී අද පස්වරු 5 දක්වා සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සිදුවනවා.
ගැබිණි මාතාවන් සඳහා එන්නත් ලබා දීමට ද මෙහි පහසුකම් සලසා ඇති අතර ප්‍රමාදයකින් තොරව එන්නත් ලබා ගැනීමට හැකියාව පවතින බවයි යුද හමුදාව සඳහන් කළේ.
වව්නියාව කනගරායන්කුළම් ප්‍රදේශයේදී ද වයස අවුරුදු 60 ඉක්මවූ පිරිස් සඳහා නිවෙස් වෙතම ගොස් එන්නත් ලබා දීමේ ජංගම වැඩසටහන යුද හමුදාවේ මෙහෙයවීම මත ක්‍රියාත්මකයි. කනගරායන්කුළම් විද්‍යාලයේදී ද එන්නත්කරණය සිදු කෙරෙනවා.
මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගර්භනී මව්වරුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද දවස පුරා සිදුවනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 8 ක ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කළා.
පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට ද කොරෝනා මර්දන ෆයිසර් එන්නෙත් දෙවන මාත්‍රාව ලබා දීම අද දිනයේ ද සිදුවනවා. ප්‍රදේශයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි එන්නත්කරණය සිදු කිරීමටයි කටයුතු සම්පාදනය කර ඇත්තේ.