යුද හමුදාව ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩසටහන් කෙරෙහි ජනතාවගේ ඉහළ උනන්දුවක් දක්නට ලැබෙනවා.
අනුරාධපුර ශ්‍රී ලංකා යුද හමුදා වික්ටරි රෝහලේ වෛද්‍ය කණ්ඩායම ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩසටහනට ජනතාව ඉතා උනන්දුවෙන් සහභාගි වන ආකාරය මෙලෙස දැක ගැනීමට ලැබුණා.
ශ්‍රී ලංකා යුද හමුදාව කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ ක්‍රියාත්මක කර ඇති එන්නත්කරණ වැඩසටහන අද දිනයේත් පැවැත්වෙනවා.
වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ට එහිදී සයිනොෆාම් පළමු සහ දෙවන මාත්‍රා ලබා ගැනීමට හැකි බවයි යුද හමුදාව පැවසුවේ.
කඩවත ප්‍රදේශ රැසක වැඩිහිටි ජනතාවට ගෙයින් ගෙට ගොස් එන්නත් ලබාදීම සිදු කෙරුණා. වයෝවෘද්ධ ජනතාවට මෙන්ම විවිධ රෝගාබාධයන්ට ගොදුරු වී සිටින පිරිස් වලටද මෙහිදී එන්නත් හිමි වුණා.
මේ වනවිට සයිනොෆාම් එන්නත් 9703557 ක් පළමු මාත්‍රාව ලෙසද 5331070 ක් දෙවන මාත්‍රාව ලෙසද ලබාදීමට හැකි වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා. කොවිෂීල්ඩ් එන්නතේ ද පළමු මාත්‍රාව 1368772 ක් සහ දෙවන මාත්‍රාව 883019 ක් ලබාදීමට හැකිවී තිබෙනවා. ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව 159088 ක් සහ දෙවන මාත්‍රාව 25489 ක් ලබාදී තිබෙනවා. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 306373 ක් සහ දෙවන මාත්‍රාව 182555 ක් ලබාදී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.