ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමාට නොමැති බලතලත් ක්‍රියාත්මක කරමින් යන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
“මේ වගේ පාලනයක් ගෙනි යන්න නෙමෙයි අපි ජනපතිවරයා 2015/01/08 බලයට පත්කළේ. තියෙන විධායක බලයත් පාවිච්චි කරන්නේ නෑ කියන මතයයි අපිට තිබුණේ. අද ජනපතිධූරයට නැති බලතලත් පාවිච්චි කරනවා.
ව්‍යවස්ථාවට පිටින් යනවා. අපි අමාත්‍යධුරවලින් එළියට බැහැලා ආවේ හීනෙකින්වත් මේ වගේ තත්ත්වයක් ඇතිවෙයි කියලා හිතුවේ නෑ. අද ඔහු මිනීමරුවන් සමග එකතු වෙලා ගමන යනවා.
මේ වගේ ඛේදවාචයක් මම දැකලා නෑ. අපි කෙසේ හෝ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය තහවුරු කරලා සටන නිවරදිව ගෙනියනවා”