ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සදහා පනවා තිබූ අත්හිටුවීම අවසන් කිරීමෙන් පසුව , අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලසීමාව තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ , මගී ගුවන් යානා 29 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 2,068 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
එහිදී ගුවන් යානා 18කින් , ගුවන් මගීන් 1,105 දෙනෙකු මෙම කාළසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එසේ පැමිණ සිටි ගුවන් මගීන් අතර සෞදි අරාබියේ රියාද් සිට 103 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 135 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 116 දෙනෙකු ද සිටියහ .
එමෙන්ම මෙම කාළසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විදේශීය සංචාරකයන් 69 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ පැමිණ තිබුණි .
මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි සියලුම ගුවන් මගීන් දින 14 ක කාළයක් නීරෝධායනය සදහා යොමු කරන අතර , ඒ අතරතුර මොවුන් පී.සී.ආර්.පරීක්ෂණ 02 කට ද සහභාගී විය යුතුය .
එසේම මෙම කාළසීමාව තුළ ගුවන් මගීන් 963 දෙනෙකු , ගුවන් යානා 11 කින් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි .
එමෙන්ම ඊයේ දින උදෑසන 9.40 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 7378 දරන ගුවන් යානයෙන් , මුහුදු නාවිකයන් 116 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .