දිවයිනේ දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල අද දිනයේදී (21දා) තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඇතැම් ස්ථානවලට විශේෂයෙන් නුවර එළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.