දිවයිනට බලපා ඇති වැසි හා සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම හා සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව අද පෙරවරුවෙන්නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බව පවසන රම දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම වයඹ, උතුරුමැද, උතුරු, නැගෙනහිර හා බස්නාහිර පළාත්වලත් මාතලේ හා හම්බන්තොට දිස්තික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං ඇතිවිය හැකි බවත් ඒම නිවේදනයේ දැක්වෙයි.