නූරි වතුඅධිකාරී ඝාතනය කිරීමේ චෝදානා සඳහා වැරදිකරු වී මරණ දඬුවම නියම වී සිටින චම්පික විජේසිංහ නොහොත් අතකොටා (දැරණියගල ප්රාදේශීය සභාවේ හිටපු සභාපති) පුද්ගලයෙකුට වීදි රේඛා සහතිකයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ඉල්ලීමේ චෝදනාවටද අද (05දා) වරදකරු වූයේය.
ඒ අනුව චූදිතයාට වසර 24ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේය.
එසේම චුදිතයාට තවත් රුපියල් 20000 දඬයක්ද, අල්ලස් ඉල්ලූ පුද්ගලයාට රුපියල් 25000ක වන්දි මුදලක්ද, තවත් ලක්ෂ 4ක දඬයක්ද නියම කළේය.
මෙම දඬ මුදල් නොගෙවන්නේ නම් තවත් වසර 7ක සිර දඬුවමක්ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.