රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් සැප්තැම්බර් සිට දෙසැම්බර් මාසය දක්වා වෙනුවෙන් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමේ වියදම රුපියල් බිලියන 1900ක් වන අතර එම වියදම් පියවා ගැනිම වෙනුවෙන් රුපියල් බිලියන 1300ක ණයක් ලබාගැනිමට අපේක්ෂා කරයි.
මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මේ වසරේ මුල් මාස 8 තුළ රජයේ ඇස්තමේන්තු ගත ආදායම රුපියල් බිලියන 910ක් වූ බවයි.
එසේම රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට රුපියල් බිලියන 521ක්, ණය පොලී ගෙවීමට රුපියල් බිලියන 675ක් හා සහනාධාර වශයෙන් රුපියල් බිලියන 390ක් ලෙස එම කාලසීමාව තුළ වියදම් දරා ඇති බවයි.
ඉදිරියේදී ණය ලබාගැනීම වෙනුවෙන් ආයෝජන වර්ධනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බවත් ආර්ථික වර්ධන වේගය වැඩිකරමින් අයවැය හිඟය අඩු කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.