2020 වසරේ පළමු මාස හතරේ රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් වූ අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එම කාලසීමාව වෙනුවෙන් රුපියල් බිලියන 1469ක වියදමක් දැරීමටත් රාජ්‍ය ණය ලබා ගැනීම රුපියල් බිලියන 721 සීමා කිරීමටත් අදාළව මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.