දිවයින පුරා රෝහල්වල අතුරු වෛද්‍ය සේවාවල නිරත නිලධාරීන් සහ හෙද සංගමයක් එක්ව ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (8) ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දෛනික කටයුතු වලටද බාධා එල්ල විය.
ගාල්ල කරාපිටිය රෝහලේ බාහිර ඔසු සල්වල හා ඖෂධාලයේ ඖෂධ නිකුත් කිරීමේ කටයුතු මුළුමන්නිම පාහේ අද දිනයේ ඇනහිට තිබූ අතර රෝහලේ අභ්‍යන්තර ඖෂධ නිකුත් කිරීමේ කටයුතු වලට ද මෙම තත්ත්වය හේතුවෙන් බාධා එල්ල වී තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ අතර රෝහලේ අතුරු වෛද්‍ය සේවා කටයුතුවලටද මෙම වර්ජනය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබුණි.
මේ සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය රෝහලේ අධ්යක්ෂ ප්‍රියන්ත කරුණාරත්න මහතාගෙන් අප කළ විමසුමකදී පැවසුවේ රෝහලේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි
අතුරු වෛද්‍ය සේවාවන්හි යෙදී සිටින නිලධාරීන්ද මෙම වර්ජනයට එක්වීම හේතුවෙන් ඖෂධ නිකුත් කිරීම සහ තවත් අංශ කීපයකටම බලපෑම් එල්ල වී ඇති බවද රෝහල් අධ්යක්ෂ කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
හිිනිදුම - රවීන්ද්‍ර ශ්‍රිලාල්