ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ 12 වෙනි දින අතුරුදහන් වු තිදරු පියෙකුගේ අස්ථි කොටස් කිහිපයක් තේ වතු යායක තිබි ඊයේ (18) දින හමු වු බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.
බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වතුයායේ මාන පදුරු මත තිබි හමු වු අස්ථි කොටස් බගවන්තලාව කොටියාගල වතුයායේ පදිංචිව සිටි පෙරුමාල් සෙල්වම් (42) නැමති අයගේ බවට අතුරුදහන් වු අයගේ බිරිඳ සහ දරුවන් විසින් අස්ථි කොටස් අසල තිබු රෙදි කැබලි කිහිපයකින් හඳුනාගත් නිසා එම අස්ථි කොටස් අතුරුදහන් වු අයගේ බවට සැකකරන බවයි පොලීසිය පැවසුවේ.
අතුරුදහන් වු තිදරු පියා භාවිතා කළ ජංගම දුරකථනය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය මගින් සිදු කළ පුළුල් විමර්ශනයකදි එම ජංගම දුරකථනය තවදුරටත් ක්රියාකාරි තත්ත්වයේ පැවතිම නිසා එම ජංගම දුරකථනයේ ඉමි අංකය අනුව වර්තමානයේ එම දුරකථනය භාවිතා කරන වතු කම්කරු කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරිමේදි එම කාන්තාව විසින් පොලීසිය වෙත පවසා ඇත්තේ ඉකුත් වසරේ දෙසැම්බර් මස 17 දින අස්ථි කොටස් තිබෙන ස්ථානයට යාබදව දුරකථනයක් නාද වෙමින් තිබු බවත්, එම දුරකථනය අයිතිකරුවෙකු නොමැති නිසා රැගෙන වෙනත් සිම් කාඩ් පතක් යොදා ගනිමින් ජංගම දුරකථනය භාවිතා කල බවයි.
තේ වතුයායේ තිබි අස්ථි කොටස් සම්බන්ධයෙන් හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු මහේස්ත්රාත්වරයා ලබාදෙන නියෝග මත අස්ථි කොටස් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.