ආගරපතන පොලිස් වසමට අයත් හොල්බෘක් වතුයායේ අලර්වල්ලි ලොවර්ග්රැන්ඩ් ප්රදේශයේ අතුරුදහන්ව සිටි පිරිමි ළමයා අද (20) උදෑසන ඔහු පදිංචිව සිට් නිවස අසලම පාරක සිට හමු වු බව ආගරපතන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආනන්දසිරි මහතා පැවසිය.
යදිස් විදුර්ෂන් නැමති අවුරුදු 2 වයසැති මෙම ළමයා නිවසේ සෙල්ලම් කරමින් සිටියදි (19) දින පස්වරු 3 සිට අතුරුදහන්ව ඇති බව පවුලේ ඥාතීන් විසින් ආගරපතන පොලීසියට පැමිණිල්ලක්ද කර තිබුණි.
එම පැමිණිල්ල අනුව (19) දින රාත්රි ආගරපතන පොලීසියේ නිලධාරින්, පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් සහ ප්රදේශවාසින් එක්ව මෙහෙයුමක්ද දියත් කර තිබුණි.
අතුරුදහන්ව සිටි ළමයා කිසියම් කෙනෙකු විසින් පැහැරගෙන ගොස් ළමයා සොයා මෙහෙයුමක් දියත් කර ඇති නිසා ළමයාව ආපසු නිවස අසලටම ගෙනවිත් දමන්නට ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා සැක කරයි.
සොයාගත් ළමයා මේ වනවිට ආගරපතන රෝහලට ඇතුලත් කර ඇති අතර ළමයාට කිසිදු අනතුරක් සිදු වි නොමැති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.