අතුරුදන්වූවන් පිළිබද තොරතුරු සොයා බැලීම සඳහා ස්ථාපිත කරන ලද අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාව අද (05දා) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදෙනු ලැබිණි. එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වාර්තාව බාරදුන්නේය. මාස 06ක් තුළ සිදු කෙරුණු පරීක්ෂණ අනුව සකස් කෙරුණු අතුරු වාර්තාව මෙලෙස ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය