අතුරුදන් වූවන් පිළිබඳ ප්රශ්නය දේශපාලන ගැටලුවක් බවට පත්කරගෙන ඇති බවත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මෙන්ම හමුදාවෙත් අතුරුදන් වූවන් සිටින බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
අතුරුදන් වූවන්ගේ ප්රශ්නය දේශපාලනික කාරණාවක් වීමයි ප්රශ්නය. අතුරුදන් වූ අය එල්.ටී.ටී.ඊ. සංවිධානටයත් හමුදාවටත් පොදුයි. යුද භූමියේදී මිය ගිය අයගේ සිරුරු ගන්න බැරිවෙනවා. හමුදාවේ 6000කට වඩා අතුරුදන්.
මේක හරිහැටි තේරුම් ගන්නේ නැතිව දේශපාලනික කාරණයක් වීමයි ප්රශ්නය වී තිබෙන්නේ. මටත් අත්දැකීම් තිබෙනවා. දෙමාපියන්,ඥාතීන්,සමීපතමියන් තමන්ගේ දරුවා ජීවිතක්ෂයට පත්වෙලා බව පිළිගන්න කැමිත් නෑ.
පසුගිය ආණ්ඩුව බිංගෙවල්, භූගත බංකර් ගැන කිව්වා. ඒ කිසිවක් හම්බවුණේ නෑ. මේ අය ජීවිතක්ෂයට පත්වෙලා කියලා දැන් පැහැදිලියි. මේ අයව නැවත ගේන්න බෑ."