එක්සත් රාජධානයේ කොවිඩ්-19 එන්නත්වල අතිරික්ත සැපයුම යුරෝපා සංගමය හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග බෙදා ගැනීමට ඉක්මන් නොවිය යුතු බව එක්සත් රාජධානියේ වෙළඳ ලේකම් ලිස් ට්‍රස් පවසයි.
"අපේ ජනගහනයට එන්නත ලබා දෙන බවට අප මුලින්ම සහතික විය යුතුයි. පෙබරවාරි මැද භාගය වන විට වඩාත් අවදානමට ලක්විය හැකි එන්නත ලබා ගැනීමට අපට ඉලක්කයක් තියෙනවා. අප අතිරික්ත එන්නත යොදවන්නේ කෙසේද යන්න ගැන සිතීමට ඉක්මන් නොවිය යුතුයි. නමුත් අපට නිසැකවම මිතුරන් හා අසල්වාසීන් සමග වැඩ කිරීමට අවශ්‍යයි. සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග වැඩ කිරීමට අපට අවශ්‍යයි. අපට මේ ප්රශ්නය විසඳීමට හැකි වන්නේ ලෝකයේ සෑම කෙනෙකුටම එන්නත ලබා දුන් පසුවයි." ට්‍රස් පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පසුගියදා අවධාරණය කළේද මෙම එන්නත් ජාතිකවාදය ගැනය. මෙහිදී බ්‍රිතාන්‍ය වෙළෙඳ අමාත්‍යවරයා තමන්ගේ රට වැසියන් ගැන මුලින් සිතා පසුව යුරෝපා සංගමයේ සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් ගැන පසුවට සිතන බව පැවසුවත්, දුගී රාජ්‍යයන් ගැන කිසිදු අදහසක් සඳහන්ව නොමැත.
බ්‍රිතාන්‍ය රජය විසින් සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, එක්සත් රාජධානියේ මිලියන 9කට ආසන්න පිරිසකට පළමු කොවිඩ්-19 එන්නත ලබා දී ඇත. ඉන් මිලියන භාගයකට ආසන්න ප්‍රමාණයක් මාත්‍රාවන් දෙකම ලබාගෙන ඇති බව රජයේ දත්ත පෙන්වා දෙයි.
එක්සත් රාජධානියේ ජනගහනය මිලියන 66.7ක් පමණ වන අතර, එයින් අදහස් වන්නේ පදිංචිකරුවන්ගෙන් 13%ක් පමණ පළමු මාත්‍රාව ලබාගෙන ඇති අතර, 0.7%ක් පමණ එන්නත් දෙකම ලබාගෙන ඇති බවය.