බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණයවර ලිපි (LC) හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි (Documents against Acceptance) ලබාදීමේ කොන්දේසි යටතේ, අත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් (100% Cash margin Deposit) වහාව ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
2021 සැප්තැම්බර් 08දා පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති අතර, ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව පැනවීමට ගත් තීරණය, විශේෂයෙන්ම සමපේක්ෂණ ස්වභාවයේ අධික ආනයන අධෛර්යමත් කිරීම ඔස්සේ විනිමය අනුපාතිකයේ ස්ථාවරයභාවය සහ විදේශ මුදල් වෙළෙඳ පොළ ද්‍රවශීලතාව රැකගැනීම සඳහා දැනටමත් සිදුකෙරෙන උත්සාහයන්ට සහාය වනු ඇතැයි මහ බැංකුවේ මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි.
ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවන්ට යටත් වන නිෂ්පාදන කාණ්ඩවල සාරාංශයක් සමග 2019, 2020 සහ 2021 වසරේ මේ දක්වා (තාවකාලික) එසේ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවන්ට යටත් වන සෑම කාණ්ඩයකම ආනයන වියදම් පිළිබඳ තොරතුරු දැක්වෙන වගුවක්ද මහ බැංකුව මෙසේ ඉදිරිපත් කර තිබේ.