ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්රික්කය ඔස්සේ ගලා බසින අත්තනගලු ඔය (8) සවස වනවිට ස්ථාන කිහිපයකින් පිටාර ගැලීම මත පහත් බිම් ප්රදේශ ජලයෙන් යටවෙමින් පැවති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේය.
සවස 5 වනවිට අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 5 දශම 2 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් මෙය සුලු ගංවතුර මට්ටම ඉක්මවා යාමක් බවත් ගම්පහ දිස්ත්රික් වාරිමාර්ග ඉංජිනේරු චින්තක සුරවීර මහතා පැවසීය.
අත්තනගලු ඔයෙහි ජල මට්ටම දූනමලේ ජල මාපකයයෙහි මීටර් 5 දශම 5 දක්වා ඉහළ යාම මහ ගංවතුර තත්ත්වයක් බවද ඉංජිනේරුවරයා සදහන් කළේය.
අත්තනගලු ඔය ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ඊයේ සවස පහත් බිම් ප්රදේශ ජලයෙන් යටව තිබිණි.