දැනට අත්අඩංගුවේ පසුවන කිලිනොච්චිය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයාගේ අනාවරණයකට අනුව පලෙයි කරණ්ඩිය ප්‍රදේශයේ සඟවා තිබූ බෝම්බ, පුපුරණ ද්‍රව්‍ය හා ගිනිඅවි ඇතුළු යුද උපකරණ රැසක් ඊයේ (26) සවස සොයාගත් බවට යාපනය ත්‍රස්ත විමර්ශන ඒකකය කියා සිටියි.
පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය සින්නයියා සිවරූබන් පසුගිය 18 වනදා කොළඹ ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන යාපනය ත්‍රස්ත විමර්ශන ඒකකයේ තබා රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කොට ඇති අතර එහිදී ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ගේ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙම යුද උපකරණ පිළිබඳව අනාවරණය කොට ඇත.
එහිදී අදාළ යුද උපකරණ සොයා විමර්ශනය කළ ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පලෙයි පොලිස් වසමේ කරණ්ඩිය ප්‍රදේශයේ සඟවා තිබූ යුද උපකරණ රැසක් සොයාගෙන ඇත.
එහිදී ඒ.කේ.47 වර්ගයේ ගිනිඅවියක්, මැගසින් දෙකක්, අත්බෝම්බ 11ක්, පී.ඊ. වර්ගයේ බවට සැකකෙරෙන පුපුරණද්‍රව්‍ය කිලෝ 10ක්, පතුරම් 120ක්, දුරදක්නයක් ඇතුළු තවත් යුද උපකරණ රැසක් තිබූ සොයාගෙන ඇත.
මේ අනුව අදාළ යුද උපකරණ තොගය එම ස්ථානයේ සඟවා තැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් හා එම යුද උපකරණ ලැබුණු ආකාරය පිළිබඳවද යාපනය ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් විමර්ශනයක් අරඹා ඇති අතරම අත්අඩංගුවේ සිටින අධිකරණ වෛද්‍ය වරයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමටද ත්‍රස්ත විමර්ශන නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.