ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව ඊයේ (03) දින ප්‍රාදේශිය සභාවේ ලොරි රථයකින් ශ්‍රි පාදයේ පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු පිරිස මස්කෙළිය පොලීසිය විසින් ඊයේ (03) දින සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇත.
මෙසේ පොලිස් ඇප මත මුදාහැරි සැකකරුවන්ට මේ මස 6 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් වන ලෙස මස්කෙළිය පොලීසිය දැනුම් දි ඇත.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ මුණිදාස ගමගේ - සභාපති , දොලමුල්ලකන්කානම්ලාගේ සමිත් , පොල්ගම්පොලගේ නයනකිර්ති පුෂ්පකුමාර , අලංකාරගේ අනුර දේවප්‍රිය , ගමගේ රාමචන්ද්‍ර යන සැකකරුවන්ය.
සැකකරුවන් සිවුදෙනාම අකුරැස්ස ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි මස්කෙළිය පොලීසිය කියා සිටියේ.
එම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු එම ප්‍රාදේශිය සභාවේ සේවකයින් සිවුදෙනෙක් ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව ප්‍රාදේශිය සභාවේ වාහනයකින් ශ්‍රි පාදස්ථානය දක්වා යාමට පැමිණි අවස්ථාවේ මස්කෙළිය මවුස්සාකැලේ පොලිස් මාර්ග බාධයකදි සභාපතිවරයා ඇතුළු එම ප්‍රාදේශිය සභාවේ සේවකයින් සිවුදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.
ඇප මත මුදා සැකකරුවන් මුදා හැරියද ලොරි රථය තවදුරටත් පොලිස් භාරයේ තබාගෙන ඇති අතර , මස්කෙළිය පොලීසිය වෙත අද (04) දින අලුයම ඇදිරි නීති බලපත්‍රයක් මත අකුරැස්ස ප්‍රදේශයේ සිට පැමිණි වැන් රථයකින් ඇප මත මුදා හැර තිබු සැකකාර සභාපතිවරයා ඇතුළු සෙසු සැකකරුවන් ආපසු අකුරැස්ස දක්වා රැගෙන ගොස් ඇත.