හංවැල්ල - පනාගොඩ මාර්ගයේ දිගලවත්ත හන්දිය අසළදී පනාගොඩ දෙස සිට ඇඹුල්ගම දෙසට ධාවනය වූ ත්රිරෝද රථයක් ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් ත්රිරෝද රථයේ ගමන් කළ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
අද අලුයම 5ට පමණ මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ත්රිරෝද රථයේ අට දෙනෙකු ගමන් කර ඇති බව පොලීසිය පවසයි.
මෙම අනතුරින් ත්රිරෝද රථයේ ගමන් ගත් සියලු දෙනා හෝමාගම රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව කාන්තාවක (නාලිකා නිල්මිණී - අවුරුදු 37 - වැලිපිල්ලෑව, දැඩිගමුව) හා ගැහැණු දරුවෙක් (හිරුණු ආශානා - අවුරුදු 7 - හක්මණ, මාතර) ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවත් තිදෙනෙක් වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.