බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පුද්ගලයන් 90 කගේ පි සි ආර් වෛද්‍ය වාර්තා සියල්ලම ( negative ) වෛරස ආසාදනය වී නොමැති බවට අද 22 වාර්තා වූ බව කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
මිල්ලනිය පෞද්ගලික ආයතනයකින් සිදුකළ පි සි ආර් පරීක්ෂණ වලින් අනතුරුව ඉකුත් 17 හා 18 දෙදින තුළ අටලුගම ප්‍රදේශයෙන් පුද්ගලයන් සිවුදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය විය.
ඔවුන් කොරෝනා දෙවන රැල්ලේ ප්‍රථම ආසාදිතයන් සිව්දෙනා බව වෛද්‍ය අධ්‍යක්ෂකවරයා කීය
එම දින දෙක තුළදී පුද්ගලයන් 135 දෙනෙකු පි සි ආර් පරීක්ෂණයට භාජනය කෙරිණි.
එයින් 17 දෙනකු පමණක් ආසාදිතයන් වූ බවත් මේ වන විට අටලුගමින් හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 21 බවත් අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.