බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ වැටලිමකට ගිය පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කිරිම ගැන පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවන් සිවුදෙනෙකු සහ සැකකාරියක් කල්තොට ප්‍රදේශයේ කැලෑවක සැගව සිටියදි කල්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කල්තොට පොලිසිය දෙදිනක් පුරා කළ මෙහෙයුමකින් පසුව වනඅලින්ද ගැවසෙන කැළයේ සැගවි සිටි මෙම සැකකරුවන් අද 17 වනදා උදෑසන අත්අඩංගුවට ගනු ලැබුහ.
බෙල්ලන්ගල සහ කූරගල රක්ෂිත අතර කැලෑවේ මෙම කණ්ඩායම සැගවි සිටි බව පොලිසිය පවසයි .
බංඩාරගම පොලිසියේ නිලධාරීන් සහ කාන්තා පොලිස් නිලධාරිණියන් පිරිසක් පසුගිය 09 වනදා අටලුගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලිමකට ගිය අවස්ථාවේදී ඔවුන්ගේ රාජකාරියට බාධාකරමින් ඔවුන්ට පහරදිම ගැන සැකකෙරෙන මෙම සැකකරුවන් සිවු දෙනා සහ සැකකාරිය බලන්ගොඩ කල්තොට ප්‍රදේශයේ කැලෑවක සැගවි සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව කල්තොට පොලිසිය දෙදිනක් තිස්සේ පුළුල් මෙහෙයුමක් සිදු කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබිය.
අටලුගම තිහේ කල්ලිය නමින් හදුන්වන පිරිසේ සාමාජිකයන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ගොටුකොළ රිපායි නම් පුද්ගලයා සමග සමිප සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය පස් දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ .
අටලුගම මාරාව ප්‍රදේශයේ ගොටුකොළ රිපායි ගේ නිවෙසට ගොස් පරික්ෂා කිරිමට ඉඩ නොදුන් අය අතර සිටින මෙම සැකකරුවන් පොලිසියේ රාජකාරියට බාධාකර ඇතැයි පරික්ෂණ වලදි හෙළිව තිබේ.
ප්‍රශ්න කිරිමෙන් පසු සැකකරුවන් බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
කල්තොට පොලිසියේ ස්ථානාධිපති පොලිසිය පරික්ෂක තරංග හපුගස්තැන්න මහතාගේ මෙහෙයවිමෙන් පරික්ෂණ සිදු කෙරේ.