අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නියම කළේය.
රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මහත ඔහු මුදා හැරියේය. කෙසේ වෙතත් ඔහුට දැඩි ඇප කොන්දේසි පැනවීමට අධිකරණය කටයුතු කළේය.
මාධ්‍යයට අදහස් දැක්වීම හෝ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම තහනම් කළ මහාධිකරණ විනිසුරුවරයා යම් හෙයකින් මෙම ඇප කොන්දේසි කඩ කරන්නේ නම් යළිත් රක්ෂිත බන්ධනාගර ගත කරන බව දැනුම් දුන්නේය.