මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අධිකරණයට අපහාස කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටින විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු තිදෙනෙකුට ඇප ලබාදිම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා එම පිරිස ලබන 24දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. එසේම නඩුව නැවත සළකා බැලීමද එදින තෙක් කලදැමීමට අධිකරණය නියෝග කළේය.