ජනබලය විරෝධයට එක්වූ ජනතාව අතරින් ඊයේ දිනයේදී සුවසැරිය ගිලන් රථ සේවය භාවිත කර තිබු්ණේ එක් රෝගියෙක් ප්‍රවාහනය කිරීමට පමණක් බව රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහත පවසයි.
ඔහු සිය ෆේසබුක් පිටුවට කළ ප්‍රකාශයක දැක්වෙන්නේ ඒ පිළිබඳව විවිධ ඉලක්කම් සංසරණය වෙන හෙයින් නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන බවයි.
නෙළුම්පොකුණේ සිට කොළඹ ජාතික රෝහලට එක් රෝගයෙක් ප්‍රවාහනය කිරිමට සුවසැරිය ගිලන් රථ දේවය භාවිත කර තිබේ.
කෙසේ වෙතත් ඊයේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවැසුවේ රෝගීන් 81ක් ප්‍රවාහනය කිරීමට ගිලන් රථ සේවය යොදාගෙන ඇති බවයි.