මාස හතක් අභ්‍යවකාශය හරහා ගමන් කිරීමෙන් පසු චීනයේ ටියැන්වෙන් -1 ගවේෂණ යානය අඟහරු වෙත ළඟා වී ඊයේ (10දා) සාර්ථකව අඟහරු කක්ෂයට ඇතුළු වී තිබේ.
චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනයට අනුව ටියැන්වෙන් -1, යන්නෙහි අර්ථය වන්නේ, "ස්වර්ගීය සත්‍යය සෙවීම" යන්නයි.
මෙම ගවේෂණය මගින් අඟහරු ග්‍රහයාගේ භූ විද්‍යාත්මක ව්‍යුහය, වායුගෝලය, පරිසරය හා පස පිළිබඳ වැදගත් තොරතුරු එක්රැස් කරන බවත්, ජලය පිළිබඳ ඕනෑම සලකුනක් සොයා බලන බවත් චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසයි. අභ්‍යවකාශ යානය මැයි හෝ ජුනි මාසවලදී අඟහරු පෘෂ්ඨය වෙත ගොඩබසිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ටියැන්වෙන්-1 ගවේෂණය සමග චීනය අඟහරු වෙත ළඟා වූ ඉතිහාසයේ හයවැනි රට බවට පත්ව තිබේ. මේ වනවිට අඟහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්ස වූ එකම රටවල් දෙක වන්නේ එක්සත් ජනපදය සහ හිටපු සෝවියට් සංගමයයි. නමුත් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සහ ඉන්දියාව මීට පෙර අභ්‍යවකාශ යානා ග්‍රහලෝකයේ කක්ෂයට ඇතුළු කර ඇති අතර, පසුගිය අඟහරුවාදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයද තම යානයක් අඟහරු කක්ෂය වෙත ඇතුළු කළේය.