අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඊයෙ පස්වරුවේ ආරම්භ කළ විරෝධය අද දෙවැනි දිනටත් ක්රියාත්මකව පවතින බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
ඊයෙ පෙරවරුවෙ මොවුන් ආහාර වර්ජනයක නිරත වූ අතර බන්ධනාගාර නිලධාරින් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව එය නතර කෙරිණි.
කෙසේ වුවද ඊයෙ පස්වරුවේ යලිත් රැඳවියන් කිහිපදෙනකු බන්ධනාගාර සිරමැදිරියක වහලය මතට නැඟ විරෝධතා දැක්වූහ. තවමත් මෙම රැඳවියන් බන්ධනාගාරයේ වහලය මතට වී විරෝධතාව දක්වන බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.