2021 අගෝස්තු මස අවසානය වන විට කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත එරට සමස්ත ජනතාවටම ලබා දීමට ප්‍රංශ රජය අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් පවසයි. ඒ වන විට එන්නත් මිලියන 70ක් එන්නත් කිරීමට රජය සැලසුම් කර ඇති බව පැවසීය.
ප්‍රංශ රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වේරන් කියා සිටියේ ජනවාරි අග වන විට පුරවැසියන් මිලියන 1.3ත් 1.4ත් අතර සංඛ්‍යාවක් එන්නත් කිරීමට රජය යෝජනා කරන අතර, එය පෙබරවාරි මස අවසන් වන විට මිලියන 4ක් දක්වාත්, මාර්තු අවසන් වන විට මිලියන 9ක් දක්වාත් ඉහළ යනු ඇති බවයි.
රජයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව ප්‍රංශයේ පුරවැසියන් 823,567දෙනෙකුට මේ දක්වා කොවිඩ්-19 එන්නත ලැබී තිබේ.