නව කොරෝනා වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ අගුලු ඉවත් කිරීමෙන් පසුව මේ දක්වා වූ වැඩිම දෛනික ආසාදිතයන් පිරිස ගෙවීගිය දිනයේදී වාර්තා වී තිබේ.
ඒ අනුව ගෙවීගිය දිනයේදී ස්පාඤ්ඤයෙන් නව කොරෝනා වෛරසය ආශ්රිත ආසාදිතයන් 1,000 ඉක්මවා වාර්තා වී ඇති අතර, එම අගය දැක්වුණේ 1,229ක් ලෙසිනි.
එමෙන්ම ස්පාඤ්ඤයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව පසුගිය සතියේදී ආසාදිතයන් 13,391ක් හඳුනාගෙන තිබේ.
වසංගතය මුල් අවධියේදී දැඩි බලපෑමකට ලක්වූ ස්පාඤ්ඤය පළමු රැල්ල මැඬපවත්වමින් යම් ස්ථාවර මට්ටමකට පැමිණි පසුව ක්‍රමයෙන් රට තුළ පනවා තිබූ අගුලු දැමීම් ඉවත් කළ අතර, වසංගතය ආශ්රිත සීමාවන්ද ලිහිල් කළේය.
මෙම තත්ත්වය සමග ජනතාව නිසි සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය නොකිරීම හේතුවෙන් මෙසේ ආසාදිතයන්ගේ යළි වර්ධනයක් හෙවත් කොරෝනා දෙවැනි රැල්ලක පෙරනිමිති පෙන්වන බව සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව මේ වනවිට එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 285,430ක් වන අතර, වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 28,443කි.