යුරෝපය පුරා මෑතදී සිදුකරන ලද අගුලු දැමීමේ පියවරයන්හි ඵලදායීතාව හේතුවෙන් පසුගිය සතියේ ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සැප්තැම්බර් මාසයේ සිට පහත වැටුණු පළමු වැනි අවස්ථාව ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් විසින් එය සාදරයෙන් පිළිගත හැකි ප්‍රවෘත්තියක් ලෙස හැඳින්වූ නමුත්, මෙසේ ආසාදන අඩුවීම අතිශයින්ම පරිස්සමින් අර්ථ නිරූපණය කළ යුතු බවද සඳහන් කළේය.
ටෙඩ්රොස් පැවසුවේ එලැඹෙන නිවාඩු සමයේදී වසංගතය තුළ එම කාලය සමරන්නේ කෙසේද යන්න පිළිබඳව දෙවරක් සිතා බැලීමට මිනිසුන් පෙළඹවිය යුතු බවයි.
"උත්සව කාලයේදී පවුලේ අය සහ මිතුරන් සමග සිටීමෙන් ඔවුන් සියල්ලන්ම මෙන්ම, ඔබ ඔබවම අවදානමට ලක් කිරීම මේ මොහොතේ නොකළ යුත්තක්" ඔහු පැවසීය. "අප ගන්නා තීරණවලදී අපි සූදුවේ නියැලෙන්නේ කාගේ ජීවිත සමගද යන්න ගැන අප සලකා බැලිය යුතුයි."