කථානායක කරු ජයසූරිය මහතා අද පෙරවරුවේ කොළඹ අඟරදගුරු නිල නිවසට ගොස් අඟරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ හමුවිය.
මෙහිදි කථානායකවරයාගේ ස්වයං චරිතාපදන කෘතියද අඟරදගුරු හිමියන්ට පිරිනැමීමට කටයුතු කළේය.
කථානායක ධූරයේ වගකීම ඉටු කිරීමේ දී මෙන්ම, දේශපාලන ජිවිතය පුරාම රට වෙනුවෙන් අවංකව කැපවිමෙන් සේවය කළ ජනතා නායකයෙකු ලෙස කරු ජයසුරිය මහතා පිළිබඳව තමන් තුළ විශාල ප්රසාදයක් ඇති බව මෙම හමුවේදී සඳහන් කළ අගරදගුරුතුමන් කථානායකවරයාට තවදුරටත් රට වෙනුවෙන් සේවය කිරීමට සිය පූර්ණ ආශීර්වාදය පළකරන බවද පැවසීය.
ආගමික මෙහෙවර හැරුණු කොට රටේ සමස්ථ ජනතාවගේ සහජීවනය වෙනුවෙන් ද ජනතාවට වගකියන ප්රජාතන්ත්රවාදී පාලනයක් වෙනුවෙන්ද නිරන්තරයෙන් මග පෙන්වමින් අගරදගුරුතුමන් ඉටුකරන පරමාදර්ශී මෙහෙවර අගය කළ කථානායකවරයා තමට සිය කථානායක ධූර කාලය තුළ නිරන්තරයෙන් දුන් අවවාද මග පෙන්වීම කෘතවේදීව සිහිපත් කරන බව ද පැවසීය.