(UPDATE)
විශ්වාසභංගයට TNA තිරණය තවමත් නෑ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්දය ප්‍රකාශ කිරිම සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නැතැයි එහි නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කරයි. ජනපතිවරයා හා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.
TNA ජනපති හමුවෙයි
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් මේ වන විට (පස්වරු 2.00) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සාකච්ඡාවක් පවත්වමින් තිබේ. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ තීරණය දැනුම් දීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වෙයි.
අගමැති ඉල්ලා අස්විම ප්‍රතික්ෂේප කරයි
විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙරාතුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගෙන ආ යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව නිදහස් පක්ෂය විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ.
නිදහස් පක්ෂ තීරණය අගමැතිට දැනුම් දෙයි
අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් එසේ නොමැතිවුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇත.
අද පැවැති කැබිනට් හමුවෙන් අනතුරුව ඔවුන් අග්‍රාමාත්‍යවරයාට මේ බව දන්වා ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ රැස්වී ගත් තීරණයක් අනුව මෙම දැනුම් දීම අග්‍රාමාත්‍යවරයා වෙත කළේය.
ඔවුන් දැනටත් මෙම තීරණය ජනපතිවරායට දන්වා ඇත.
අගමැති හා ජනපති අතර යළිත් හමුවක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් මේ වන විට නැවත වරක් පැවැත්වෙයි. ජනපති නිල නිවසේදී මෙම හමුව පැවැත්වෙයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ (02දා) පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳව සඳහා වන යෝජනාවලියක්ද රැගෙන අග්‍රාමාත්‍යවරයා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ගොස් ඇත.
ජනපති නිල නිවසේදී පැවැත්වෙන මෙම හමුව සඳහා එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙක්ද එක්ව ඇති බව වාර්තා වෙයි.
අගමැති ඉවත් විය යුතුයි - SLFP
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම අද (02දා) රාත්‍රීයේදී ඒකමතිකව තීරණය කර තිබේ.
ඔවුන්ගේ තීරණය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම් දුන් අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෙට (03දා) පෙරවරුවේ මුණගැසී දැනුම් දීමටද රාත්‍රී 11.30ට පමණ තිරණය වී ඇත.
ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් 42 දෙදෙනාම හෙට (03දා) පෙරවරුවේ අගමැතිවරයා මුණගැසී ආණ්ඩුවත් ජනපතිවරයාත් අපහසුතාවකට පත්නොකොට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වැන්නැයි මෙම ඉල්ලීම කිරීමට නියමිතය.
එසේ නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාවට සහායදීම සම්බන්ධයෙන් මන්ත්‍රී කණ්ඩායම ලෙස තීන්දුවක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම මෙම අවස්ථාවේදී ඒකමතිකව තීරණය කර ඇත.
විශ්වාසභංග යෝජනාව විවාදයට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එ්කමතිකව තීරණය කර අැත.
යම් හෙයකින් අග්‍රාමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් නොවන්නේනම් නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර අැත.
ඊයේ පැවැති සාකච්ඡාවකදී ඔවුන් මෙම තීරණය ගෙන අැති අතර එය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා යවා අැත. මෙම සාකච්චාවට මන්ත්‍රීවරුන් 42 එක්ව අැති බව වාර්තාවෙයි.
මෙම තීරණය අග්රාමාත්යවරායාටද දැන්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.