මෙතෙක් අඩුවක්ව පැවති විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම්වලින් සැඳුම්ලත් ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක් වහාම ලබා දෙන බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ අද දින පැවසීය.
සංස්කෘතික කටයුතු අමාත්යං්ශය මඟින් ඉදිරියේදී ක්රිරයාත්මක කිරීමට නියමිත කටයුතු සොයා බැලීමට ගිය අග්‍රමාත්‍ය එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් මේ බව සඳහන් කළේය.
විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට කාර්යාල පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොමැති බවට අමාත්යං්ශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අග්‍රමාත්‍යතුමා ඒ මොහොතේදීම නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යලක්ෂ ජනරාල් ප්රකසාද් රණවීර මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් ඊට පිළියම් යෙදුවේය.
මෙම හමුවේදී ජෝන් ද සිල්වා සමරු රඟහල සහ කලා භවන ප්රටතිසංස්කරණ කටයුතු සොයා බැලූ අග්රා්මාත්ය තුමා රුපියල් මිලියන 1600 ක වියදමින් පිළිසකර කෙරෙන ජෝන් ද සිල්වා සමරු රඟහලේ දෙවැනි අදියරේ පිළිසකර කටයුතු සඳහා ශ්රීන ලංකා නාවික හමුදාව හෝ යුධ හමුදාව සම්බන්ධ කර ගන්නැයි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙහිදී සංස්කෘතික කටයුතු අමාත්යංුශය මඟින් පවත්වන ජාතික සාහිත්ය් කලා මහෝත්සවය 2020 සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡාවට ලක් විය.
ලබන නොවැම්බර් මාසයේදී හලාවත ආනන්ද මධ්යර මහා විද්යාාලය කේන්ද්‍රය කර ගනිමින් ජාතික කලා මහෝත්සවය පැවැත්වෙන අතර “දේශනේතෘ සම්මාන“ ප්‍ර දානය සහ “දිස්ත්රිතක් කලාකරු සම්මාන“ ප්රලදානය පිළිබඳවද අමාත්යංාශ නිලධාරීන් විසින් අග්‍රා මාත්යිතුමා දැනුම්වත් කරන ලදී.
මෙවර එක් දිස්ත්රිඅක්කයකට සීමා වන මෙම කලාකරු සම්මාන ප්ර්දානය මීළඟ වතාවේ සිට රට පුරා සෑම දිස්ත්රිමක්කයකම පවත්වන්නැයි අග්‍රා මාත්යලතුමා එහිදී උපදෙස් දුන්නේය.
දිවයින පුරා පිහිටි අලුතින් ගොඩනගන ලද සංස්කෘතික මධ්යතස්ථාන 19 ක් ඉදිරි මාස 03 ක කාලය තුළ විවෘත කරන ලෙසත්, ඊට අවශ්යත කාර්යය මණ්ඩලය රාජ්යප පරිපාලන අමාත්යංළශය සමඟ සාකච්ඡා කොට ලබා ගන්නා ලෙසත් අග්රායමාත්යරතුමා මෙහිදී සඳහන් කළේය.
රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය පසුගිය වසර හතර හමාරක කාලය තුළ කිසිඳු නඩත්තුවකින් තොරව පවත්වාගෙන ගිය බව මෙම අවස්ථාවට එක්ව සිටි රන්මිහිතැන්න ටෙලි ගම්මානයේ සභාපති ප්රකවීන රංගන ශිල්පී ආචාර්ය රවීන්ද්රැ රන්දෙණිය මහතා කියා සිටියේය.
ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්රාාමීය කලා ශිල්පී ප්රලවර්ධන කටයුතු රාජ්ය් අමාත්යඋ විදුර වික්ර්මනායක මහතා, සංස්කෘතික කටයුතු අමාත්යංලශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා, රාජ්යා අමාත්යංෘශ ලේකම් එස්.ටී. කොඩිකාර මහතා, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්(ප්රුවර්ධන) විජිත නන්දකුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.