වත්මන් රජයේ දූෂණ වංචා සෙවීම පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවේ දෙවැනි දිනටත් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව එම කොමිෂමෙන් පිටව ගියේය.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වී ගබඩා කිරිම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඔහු මෙසේ ජනපති කොමිෂමට කැඳවීය.
පෙ.ව. 10.30ට පමණ කොමිෂම හමුවට පැමිණි අග්‍රාමාත්‍යවරයා පැයක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව එයින් පිටව ගියේය.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලියට ගැනීම පිළිබඳව කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමටද අගමැතිවරයා කොමිෂම හමුවේ පෙනී සිටියේය.