අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදරියේදී එක්වන ඉතාලි සංචාරයේදී වතිකානුවට ගොස් ශ්‍රී ලංකාවේ පාස්කු දා එල්ල වූ ප්‍රහාරයට අදාළ පරික්ෂණවල ප්‍රගතිය පාප්වහන්සේ දැනුවත් කිරීමට යෑම පිළිබඳව අඟරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
උන්වහන්සේ අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳව සිය බලවත් විරෝධය පළ කර සිටියහ. එම වැඩපිළිවෙළ හෙළා දකින බවත් තමන්ව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තරයට යෑම අනුමත නොකරන බවත් උන්වහන්සේ පැවැසූහ.
“අගමැතිතුමා හා විදේශ කටයුතු ඇමතිතුමා ඉතාලියට ගිහිල්ලා ඉතාලියේ තිබෙන සමුළුවකට එක්වෙලා පසුව වතිකානුවට ගිහිල්ලා ශුද්ධෝත්තම පාප් වහන්සේ දැනුවත් කරන්න බලාපොරොත්තුවෙනවා කියලා කරගෙන යන වැඩ පිළිවෙළක් ගැන.
අපේ ජනතාවගේ බදු මුදල් යොදවා මේ අය යන්නේ මොනවටද? මේ යන ගමන අපි ප්‍ර යෝගකාරී ගමනක් ලෙස හඳුන්වනවා.
ඒ වැඩපිළිවෙළ මම තරයේම හෙළා දකිනවා. ඒ ගමන ගිහිල්ලා ඒ අය උත්සාහ කරන්නේ සත්‍ය යටපත් කිරීමේ ක්‍රියාදාමයක්.
විදේශිය රටවල් පවා ඒ වගේම පාප් වහන්සේ පවා නොමග යවන්නට (හදන්නේ). අපි බලාපොරොත්තුවන යුක්තිය අපිට දෙන්නේ නැතිව ආණ්ඩුවට වාසි දායක ලෙස හැමදේම කරමින් මේ රජය ගෙන යන ව්‍යාපාරයේ තවත් එක තුරුම්පුවක් තමයි ඔය ගහන්න ලෑස්ති වෙන්නේ.
ඒක පසුපස ඉන්නේ රජය අපි මේ ළාබාල ප්රයත්නය හෙළා දකිනවා. දැන් ඒක පුද්ගලයෙකුගේ අතට සියලුම බලතල ලබාදීම තුළින් ඒ දූෂිත ක්‍රමය ශක්තිමත් වෙලා තිබෙනවා.
තමන්ව ආරක්ෂා කර ගන්න ජාත්‍යන්තරයට ගිහල්ලා ජාත්‍යන්තරයේ උදව් ඉල්ලගෙන හැංගිලා යන එක නෙමෙයි පිට කොන්දක් තියෙන අය කරන්නේ. මේක බාල බොළඳ වැඩක්. අපි නෙමෙයි යන්න හදන්නේ රජය යන්න හදන්නේ”