අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ සහ එංගලන්ත සංචාරය සඳහා අද(02දා) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යයි.
නෝර්වේ රාජ්යයේසිවුදින නිල සංචාරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස එහිදී ද්විපාර්ශ්වික සාකච්ඡා රැසකට සහභාගි වීමට නියමිතය.
ශ්‍රීලංකාවේ ආයෝජන වැඩිදියුණු කිරීම සහ ධීවර කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා රැසක් පැවැත්වීමට නියමිත අතර, මේ සඳහා අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, විජිත් විජයමුණි සොයියා, රංජිත් සියඹලාපිටිය මහත්වරුද රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාද සහභාගි වෙති.
නොර්වේ සංචාරයෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ තෙදින සංචාරයක නිරතවන අතර, එංගලන්ත අගමැති තෙරේසා මේ මහත්මියගේ ආරාධනයක් මත ඔහුඑම නිල සංචාරයට සහභාගි වේ.
එංගලන්ත සංචාරය නිමකර මේ මස 10 වැනිදා අගමැති වික්‍රමසිංහ මහතා නැවත පැමිණීමට නියමිතය.